තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ වැදගත්කම

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ වැදගත්කම පුද්ගලයන්ගේ දෛනික කටයුතු සහ ආයතනයන්හි කාර්යයසාධනය, නිෂ්පාදනය, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව දියුණු කිරීම සඳහා භාවිතා කළ හැකි මෙවලමක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මුළු ලොවම හඳුනාගෙන ඇත. එදිනෙදා ජීවිතයෙදි අපිට මුහුණපෑමට සිදුවන සමහර ගැටළු වලට ඉක්මන් ඒ වගේම ගොඩක් සාර්ථක විසඳුම් තොරතුරු තාක්ෂණය භාවිතා කර ලබාගත හැක. තොරතුරු තාක්ෂණය භාවිතා වන ක්ෂේත්‍ර හා භාවිතා වන ආකාරයන් පහතින් දැක්වේ. බැංකු ක්ෂේත්‍රය (ATM, ක්‍රෙඩිට් කාඩ්, අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීම) සන්නිවේදන ක්ෂේත්‍රය (දුරකථන, අන්තර්ජාලය, ෆැක්ස්) ප්‍රවාහන ක්ෂේත්‍රය (ටිකට්පත් නිකුත් කිරීම, ගුවන් යානා හැසිරවීම, මාර්ග සංඥා මෙහෙයවීම) මාධ්‍ය ක්ෂේත්‍රය (විකාශන විසුරුවාහැරීම, පටිගත කිරීම, ශ්‍රව්‍ය හා දෘශ්‍ය නිර්මාණ සංස්කරණය) වෛද්‍ය ක්ෂේත්‍රය (ECG, EEG, CT, MRI, US SCAN, රසායනික විශ්ලේෂණ, සැත්කම්) අධ්‍යාපන ක්ෂේත්‍රය (පරිගණක සහයක ඉගෙනුම [CAL], පරිගණක සහයක ඇඳීම [CAD], ඉදිරිපත් කිරීම්, ප්‍රකාශන, ගවේෂණ) ආරක්ෂක ක්ෂේත්‍රය (මිසයිල හැසිරවීම, සංඥා හැසිරවීම, න්‍යෂ්ටික විෂ්ලේෂණ)

Comments

Post a Comment