පරිගණක මෘදුකාංග වර්ගීකරණය (Classification of Computer Software)

පරිගණක පද්ධතියක් යම් අරමුණක් කරා මෙහෙයවීම සඳහා පිළිවෙලකට ලබා දී ඇති උපදෙස් මාලා සමූහයක් පරිගණක මෘදුකාංගයක් (Computer software) ලෙස හැඳින්වේ. පරිගණක මෘදුකාංග වර්ගීකරණය කළ හැකි ආකාර දෙකකි. පද්ධති මෘදුකාංග (System software) යෙදුම් මෘදුකාංග (Application software) පද්ධති මෘදුකාංග (System software) මෙහිදී පද්ධති මෘදුකාංග ක්‍රියාකාරීත්වය අනුව ආකාර තුනකින් හඳුනාගත හැක. මෙහෙයුම් පද්ධති (Operating systems) භාෂා පරිවර්තක (Language translators ) උපයෝගීතා මෘදුකාංග (Utility software) මෙහෙයුම් පද්ධති (Operating systems) මෙහෙයුම් පද්ධතියක් යනු පරිඝණකයේ දෘඩාංග (Computer Hardware) හා පරිශීලකයා (User) අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට අතුරු මුහුණත් (Interface) සපයන මෘදුකාංගයකි. උදාහරණ ලෙස DOS, Windows , Linux, Unix දැක්විය හැක. භාෂා පරිවර්තක (Language translators) පරිඝණකයක් භාවිතයෙන් යම් කිසි කාර්යයක් ඉටුකර ගැනීමේදී පරිඝණකයට දත්ත සහ උපදෙස් ආදානය කල යුතුය. ඒ සඳහා භාවිතා කරන්නේ මානව භාෂාවන්ට ඉතාම සමීප පරිඝණක භාෂාවක් අනුසාරයෙන් ගොනුකළ පරිඝණක ක්‍රමක්ලේඛයකි (Computer program). නමුත් පරිඝණකයේ භාවිතා වන්නේ යාන්ත්‍ර භාෂාවයි (Machine language) එය 0 සහ 1 යන සංඛේතයන්ගෙන් සමන්විත වේ. වෙනත් භාෂාවකින් ඇති දෑ පරිඝණකයට තේරුම් ගැනීමට යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කල යුතු වේ. මේ සඳහා භාෂා පරිවර්තක භාවිතා කරයි. උපයෝගීතා මෘදුකාංග (Utility software) පරිගණකයේ උපාංග කලමණාකරණය කරන්න, නඩත්තු කරන්න ඒවගේම පරිගණකයේ කාර්යක්ෂමතාව වැඩි කරන්න උදව් වෙන මෘදුකාංග උපයෝගීතා මෘදුකාංග නමින් හඳුන්වනවා. මේ මෘදුකාංග බොහෝ අවස්ථාවලදී මෙහෙයුම් පද්ධතියත් සමගම පරිගණකයට ස්ථාපිත (Install) වේ. උපස්ථ මෘදුකාංග (Backup Software) ඩිස්ක විභාගීකාරකය (Disk Defragmenter) ඩිස්ක සුපිරික්සීම (Scan Disk) උපක්‍රම ධාවක (Device Drivers) වෛරස ආරක්ෂණ මෘදුකාංග (Virus Guards) යෙදුම් මෘදුකාංග (Application software) පරිඝණකය ක්‍රියාකරවන්නෙකුට තම අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා පරිඝණකය තුල ක්‍රියාත්මක කල යුතු මෘදුකාංග යෙදුම් මෘදුකාංග ලෙස හැඳින්වේ. පද්ධති මෘදුකාංග මෙන් නොව දිනෙන් දින නවතම යෙදුම් මෘදුකාංග වෙළඳපොළට නිකුත්වේ. වදන් සැකසුම් මෘදුකාංග (Word Processing software) පැතුරුම්පත් මෘදුකාංග (Spreadsheet software) ඉදිරිපත් කිරීමේ මෘදුකාංග (Presentation software) චිත්‍රක සැකසුම් මෘදුකාංග (Graphic Designing software) පරිඝණක ප්‍රකාශන මෘදුකාංග (Desktop Publishing software) පරිඝණක සහායික සැලසුම් මෘදුකාංග (Computer Aided Design software) අද ලෝකයේ අයිතිය සම්බන්ධයෙන් මෘදුකාංග අවස්ථා දෙකක් දක්නට ලැබේ. හිමිකම් ආශ්‍රිත මෘදුකාංග (Copyrighted software) විවෘත මූලාශ්‍ර මෘදුකාංග (Open Source software) හිමිකම් ආශ්‍රිත මෘදුකාංග (Copyrighted software) යම් පාර්ශ්වයකට නීත්‍යානුකූලව අයිතියක් ඇති මෘදුකංග මෙම ගණයට අයත් වේ. වෙනත් පුද්ගලයෙකුට මෙම මෘදුකාංග භාවිත කිරීමට, වෙනස් කිරීමට හා බෙදා හැරීමට අවස්ථාව ඇත්තේ අයිතිකරු හා එළඹි එකඟතාවය මත පමණි. මෙම මෘදුකාංග හා නීතිමය පදනමක් ඇත. මේවා හඳුන්වා දුන් ආයතන ලෙස Microsoft, Adobe, Macromedia නම් කළ හැකිය. විවෘත මූලාශ්‍ර මෘදුකාංග (Open Source software) නීත්‍යානුකූල අයිතියකට හිමිකම් නොකියන මෘදුකාංග මේ ගණයට අයත් වේ. මෙම මෘදුකාංග භාවිත කිරීමට, වෙනස් කිරීමට, සංස්කරණය කිරීමට හෝ බෙදා හැරීමට මුළුමනින්ම හෝ යම් ප්‍රමාණයකට නීතිමය වශයෙන් අවසර දී ඇත. මේවා නිදහස් මෘදුකාංග ලෙස ද හැඳින්වේ. ස්ථිරාංග (Firmware) පරිගණක පද්ධතියක සමාරම්භය සඳහා මූලිකවම අවශ්‍ය වන ක්‍රමලේඛ ස්ථිරාංග ලෙස හඳුන්වයි. මෙම ස්ථිරාංග, දෘඩාංග නිපදවීමේදී ඒවා තුල යොදන අතර පසු කාලීනව වෙනස් කළ නොහැකි වේ. උදාහරණ ලෙස පරිඝණක පඨන මාත්‍ර මතකය (Read Only Memory - ROM) ගත හැක. ජීවාංග (Liveware) යමෙකු පරිඝණකය පරිශීලනය කරමින් සිටීද එම අවස්තාවේදී ඔහු හෝ ඇය ජීවාංගය ලෙස හඳුන්වනු ලැබේ.

Comments