හිරු එළියෙන් දුරකථනය ආරෝපණය කර ගන්න.

තාක්ෂණික ලෝකයට නව මගක් තාක්ෂණික දැනුමින් පිපාසිත සිය ගණනක් වූ Hetadna පරිශීලකයන්ට තවත් ඉතා වැදගත් නවාංගයක් අද එකතු කරනවා.වර්තමානයේ ඉතා ජනප්‍රිය අංගයක් වන්නේ නවතම ඉලෙක්ට්‍රොනික ගැජට් තම ප්‍රයෝජනයට ගැනීමට ජනතාව උනන්දුවීමයි.අපගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරන පහසු හා භාවිතය ඉතා පහසු නව නිර්මාණ වෙත ජනතාව ඇදීයන්නේ නිතනින්.ගොඩක් දෙනා මෙවැනි නව උපාංග භාවිතයට කැමති වුවත් එහි පවතින තාක්ෂණික පැත්ත ගැන නොදන්නා නිසා යම් අසීරුතාවට ලක්වෙනවා..අවාසනාවකට මෙන් මෙරට ජනගහනයෙන් ඉතාම සීමිත පිරිසකට පමණයි ඉලෙක්ට්‍රොනික දැනුම තියෙන්නේ.අප ගේ අරමුණ එවැනි දැනුම නැති හෝ දැනුම අඩු යට තාක්ෂණික දැනුම ලබා දී ඔවුන්ගේ කටයුතුවලට යම් සහයක් ලබා දීම.මෙලෙස නව උපාංග තමන්ට ලබා දෙන ලෙසත් ඒවා යේ තාක්ෂණික පැත්තද කියාදෙමින් ඒවා අඩුමිලට ලබා දීමට කටයුතු කරන ලෙසත් විශාල පිරිසක් මාවෙත දන්වා තිබුනා..ඉතින් අපි ඔබේ අරමුණ ඉටුකරන්නයි මේ සුදානම.අපත් සමහ දිගටම රැදෙන්න ..ඔබේ වැඩ කටයුතු වලට ගැලපෙන නව ගැජට් එහි තාක්ෂණික විස්තරද සමගින් සිංහල බසින්ම වෙබ් අඩවිය හරහා ලබා දීමට අප සුදානම්.. හිරු එළියෙන් phone charge කරමු



හරි ..ඔන්න පළමු ගැජට් එක අද මම හදුන්වා දෙන්නම්..මෙය සුර්ය බල දුරකථන චාජරයක්.මෙය හිරු එලිය හෝ විදුලි ආලෝකයෙන් වුවත් වැඩකරන එකක්.ස්මාර්ට් දුරකථන භාවිතා කරන අයට දුරකථනය එපා වෙන එකක් තමයි එහි බැටරිය ඉතා ඉක්මනින් බැසයාම.දුර ගමනක් ගියාම දුරකතනයේ බැටරිය බැසගියාම ඔබ පත්වන අසීරුතාව අමුතුවෙන් කියන්න ඕනා නෑ..එම ගැටලුවට සාර්ථක විසදුමක් ලෙස මා ඔබට සුර්ය බල දුරකථන චාජරය හදුන්වා දෙනවා..එහි ඇතුලත ලිතියම් පොලිමර් අධි බල බැටරි දෙකක් සමාන්තර ගතව සවිකර තිබෙනවා,,හිරු එලිය ඇති විට සුර්ය පැනලය මගින් උපදින ශක්තිය මෙම බැටරි තුල ගබඩා වෙනවා..දුරකථනය ආරෝපනය කරන්න පුළුවන් තරම් එහි බැටරිය ආරෝපණය වෙලා නම් චාජරයේ දැල්වෙන බල්බය කොලපාටයි.හිරු එලිය නැති වෙලාවට ඕන නම් මෙහි බැටරිය සාමන්‍ය දුරකථන චාජරයකින් ආරෝපණය කරන්න පුළුවන්.එහෙම චාජයකින් ආරෝපණය කරන විට එහි බල්බය රතුපාටින් දැල්වෙනවා..බල්බය දැල්වෙන්නේ නැතිනම් එහි බැටරිය බැස ගොස්.එය ආරෝපණයට යම් කාලයක් තැබිය යුතුයි.මෙවැනි සුර්ය බල චාජර් විවිධ වර්ග තියෙනවා..වෙනත් වර්ගත් පසුව ඔබට හදුන්වා දෙනවා.ස්මාර්ට් දුරකතනයක් නොවන වෙනත් එකක් මෙයින් ආරෝපණය කරන්න ඕන නම් ඩේටා කේබලයේ එක පැත්තක් USB හා අනික පැත්තේ ඔබේ දුරකතනයට ගැලපෙන ජැක් එකක් සහිත කේබලයක් අවශ්‍යයි.එය දුරකථන උපාංග අලවි සලකින් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්.එකම කේබලයේ ජැක් වර්ග 10 ක් විතර තියෙන යුනිවර්සල් කේබල් (universal phone charger cable)එකක් වුනත් ගැලපෙනවා..

Comments

  1. Welcome to Sands Casino - Play at South Dakota Casino
    Welcome to Sands Casino, your home for thrilling 샌즈 카지노 table games, delicious food, and the newest slot machines. Featuring a 24-hour front desk and video

    ReplyDelete

Post a Comment